Tuesday, July 17, 2018

සුදු කුකුළා : අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල

සුදු කුකුළා : අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල:  පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි...

Sunday, July 10, 2016

දළදා වහන්සේට රන්සිවි ගෙය බදින්න පූරුවේ පිනෙන් ලද රාජකාරිය

දළදා වහන්සේට රන්සිවි ගෙය බදින්න
පූරුවේ පිනෙන් ලද රාජකාරිය

සිරි දළදා පෙරහැර යනු හෙළයේ උත්තරීතර හා අසිරිමත් ම මංගල්‍යයයි. සිරිලක බොදුනුවන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජොAපහාර පිණිස වාර්ෂිකව පැවැත්වෙන දැවැන්ත මෙන්ම ශෝභමාන පෙරහැර ද මෙයයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන්, නැට්‌ටුක්‌කරුවන් බෙර දවුල් වයන්නන් කසකරුවන් ඇතුළු කලාකරුවන්, තේවාකරුවන් සිය ගණනකගේ සහභාගිත්වය ඇතිව දින දහයක්‌ පුරා අඛණ්‌ඩව පැවැත්වෙන මෙම මහා පෙරහැර දෙස්‌ විදෙස්‌ සැමගේ භක්‌ත්‍යාදරය මෙන්ම චින්තානන්දය උපදවාලයි.
දළදා පෙරහැර ගැන ඇසෙත්දීම අප සැමට මතක්‌ වනුයේ පෙරහැරට සාඩම්බරයක්‌ ආලෝකයක්‌ වන මහා ඇත් පංතියයි. පෙරහැරක වැඩිම ඇත් පංතියක්‌ ගමන් කරනුයේ ද දළදා පෙරහැරේය.
මෙම ඇත් පංතියෙහිද සුවිශේෂී ඇත් රජා වනුයේ ශ්‍රී සධාතුක දළදා කරඬුව වඩමවන මහා ඇත් රාජාය. දැවැන්ත මෙන්ම ප්‍රෙෘඪත්වයක්‌ හිමි මේ ඇත් රජු ද මහා සසර වාසනාවන්තයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මෙකී වාසනා ගුණ සපිරි ඇත් රජු පෙරහැර සඳහා සූදානම් කිරීම රන්සිවිගෙය ඇත් රජුගේ පිට මත තබා බැඳීම එතුළ සධාතුක කරඬුව තැන්පත් කිරීම ආදී දළදා තේවාව, රාජකාරිය බාර ප්‍රධානියා ද එවැනිම පිනැත්තෙකි.

Wednesday, July 6, 2016

අද දින රාමසාන් සමරන්න ඊයේ දිනයේ මරන්න හිටපු අහිංසක සතුන් දෙදෙනෙක් අන්තිම මොහොතේ අත්තිකාරම් මුදලක් ගෙවල මරණයෙන් මුදවගන්න දෙවියන් වගේ අපට පිහට වුනේ මේ ඉන්න පිරිස තමයි ඉතුරැ මුදල ගෙවා ලබන සෙනසුරාදාට දෙන්නව රැගෙන එන්න අපි පොරොන්දු උනා
පිං කැමති ඔබටත් හැකියාවක් තිබේනම් මේ සදහා දායක වන්න හැකි තරම් සතුන් අප මරණයෙන් මුදවා ගමු